ගීතය







සත්‍ය වශයෙන්ම නොකිලිටි ගැමි සුවඳ මාහට උපන්දා පටන් අද වන තුරුත් විඳින්නට හැකිවීම  මා ලද සුවිශේෂ භග්‍යයක් ලෙස සලකන අතර අනන්තවත් දුක් ගැහැට මැද ලැබුවාවූ සහ ලබන්නාවූ එම ගැමි සුවඳින් පෝෂණය ලද නිරවුල් මනසින් අකුරු බවට පත්වු අව්‍යාජ සරල සිතුවිල්ලකි එසේ ඔබට රස විඳිය හැකි පිරිපුන් සුජායනීය ගීතයක් බවට පත් වූයේ !     



අරලිය ලන්දට..


අරලිය ලන්දට - සඳ පායන කොට

තුරුලිය මල් වට - බඹරු බමන විට


සිය සිය සිය දහසට - ඇඟිලි ගණිනා මට
ඔබ ගැන සිහිවෙනවා.. එතකොට

ගී පද ලියැවෙනවා...



රඹවන් හේනේ - කරල් පැසෙන කොට

අඹ මල් ගානේ - ගිරව් හඬන විට

දොඹ තුරු මානේ - සෙවන දකින මට

ඔබ ගැන සිහිවෙනවා - එතකොට

සිතිවිලි ඉගිලෙනවා...



අරලිය ලන්දට...//



දඬු‍වැල් බෑ මී - සුවඳ දැනෙන කොට

පඬුවන් අහසේ - තරු පායන විට

හැඬුමට නොහැකිව - දෙඇස වසන මට

ඔබ ගැන සිහි‍වෙනවා - එතකොට

සිහිනය උපදිනවා....



අරලිය ලන්දට...//


 Nanda Malani
ගායනය :  නන්දා මාලිනී
පද රචනය : ප්‍රියන්ත ධර්මවංශ
සංගීතය : කාලෝ වි
සිරි



No comments:

Post a Comment